නුගේගොඩ අවට ප්රදේශ කිහිපයකට අද රාත්රී 10 සිට හෙට දහවල් 12 දක්වා පැය 14 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ, අඹතලේ සිට කෝට්ටේ ජුබිලි තටාකය වෙත ජලය සැපයෙන ප්රධාන සම්පේ්රශණ නළයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, උඩහමුල්ල, ගංගොඩවිල විජේරාම සිට නුගේගොඩ දක්වා කොටස, මාදිවෙල, තලපත්පිටිය, නුගේගොඩ, පාගොඩ, නාවල, මොරගස්මුල්ල යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. එමෙන්ම රාජගිරිය, කොළඹ 05, 07 හා 08 යන ප්රදේශවලට ද අදාළ කාල සීමාවේදී ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. එමෙන්ම, කොළඹ 04, කොළඹ 06, මහරගම සහ බොරලැස්ගමුව යන ප්රදේශවලට අදාළ කාල සීමාවේදී් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, බත්තරමුල්ල අවට ප්රදේශ කිහිපයකට ද අද රාත්රී 10 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 8 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබනවා. ඒ, බටපොත ජල ටැංකියට ජලය සැපයෙන ජලනළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ, ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්රදේශවලට අද රාතී්ර 10 සිට එම ජල කප්පාදුව සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දී සිටිනවා

