ඉන්දියාවේ තිරුපති කෝවිලේ ප්‍රධාන පූජකවරයාත් කොරෝනා නිසා මරුට

ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු නව කොරෝනා වයිරසය ආසාදිනය වීමෙන් ඊයේ (20) මරණයට පත්විය.

හෙතෙම මිය යනවිට 73 හැවිරිදි වියේ පසු විය. ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු පූජකවරයා දශක තුනකට වැඩි කාලයක් තිරුපති කෝවිලේ පූජකවරයකු ලෙස කටයුතු කර ඇත.

ඔහු පසුගිය වසරේදී කෝවිලේ වගකීම්වලින් නිදහස් කර ඇති අතර මිය යනවිට හෙතෙම කෝවිලේ කටයුතුවලට සම්බන්ධ වී නොසිටි බව තිරුපති කෝවිලේ භාරය වන ‘තිරුමාලා තිරුපති දේවස්ථානම්’ හි සභාපති වයි.වී. සුබ්බා රෙඩ්ඩි පැවැසීය.

තිරුපති යනුවෙන් ප්‍රකට ඉන්දියාවේ තිරුමාලා තිරුපති බලාජි කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා නව කොරෝනා වයිරසය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් මරණයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.