උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින ප්‍රකාශයට පත් කිරීම හෙට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින හෙට (20) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

හෙට පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඉන් අනතුරුව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.