නෙල්සන් මැන්ඩෙලා ගේ දියණිය මියයයි

නෙල්සන් මැන්ඩෙලා සහ විනී මැන්ඩෙලාගේ දියණිය වූ සින්ඩි මැන්ඩෙලා මියගොස් තිබේ.

59 හැවිරිදි වියේ පසු වූ ඇය මියයන විට ඩෙන්මාර්කයේ දකුණු අප්‍රිකානු තානාපතිවරිය ලෙස කටයුතු කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජොහැන්නස්බර්ග් නගරයේ රෝහලක දී ඇය අවසන් හුස්ම හෙලු බව වාර්තා වේ. ඇයගේ මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නැත.