කොරෝනා වසංගතයෙන් පසු පාසල් ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ සඳහා පසුගිය සතිය පුරා දිවයිනේ සියලු පාසල්වල විෂබීජහරණ කටයුතු, කාලසටහන් සකස් කිරීම ආදිය සිදු කෙරුණු බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.
කෙසේවෙතත් අදියර කිහිපයක් යටතේ පාසල් වෙත සිසුන් කැඳවීම ලබන සඳුදා (06) ඇරඹීමට නියමිතයි.
එහි පළමු අදියරේදී 5,11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීමට සුදානම්.

