අමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 52,982ක් වාර්තා වී ඇති අතර එය මේ දක්වා එරටින් එක් දිනක් තුළදී වාර්තා වී ඇති වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන වේ.
මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,682,270කි. එරටින් වාර්තා වී ඇති මරණ ගණන 128,028 ක් ලෙස දැක්වේ.
නමුත් දිනකට වාර්තා වන ආසාදිතයින් ගණන 100,000 ඉක්මවා යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

