මෙරට කොරෝනා ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1711 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඊයේ (29) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරට සිටින ආසාදිතයින් සංඛ්‍යාව 2042 දක්වා ඉහළ ගියේය.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කළේ ඒ සමග, වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 836 ක් දක්වා ඉහළ යන බවයි.
කොවිඩි 19 ආසාදිත පුද්ගලයින් 5 දෙනෙකු ඊයේ හදුනාගත් අතර ඉන් තිදෙනෙකු පාකිස්ථානයේ සිට මෙරටට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයයි.
අනෙක් දෙදෙනා බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ පොම්පේමඩු හා වයික්කාල් නිරෝධායන මධ්‍යස්ථාන තුළ රඳවා සිටි පුද්ගලයින්.
ඒ අනුව අද වන විට පුද්ගලයින් 320 දෙනෙක් රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.

