මෙවර උසස් පෙළ විභාගය පවත්වන දිනය නැවතත් කල් යාමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.
ඉගෙනුම් පැය ගණන ප්‍රමාණවත් නොවන නිසා විභාග දිනය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට සිසුන් සහ වෙනත් පාර්ශ්ව වලින් ඉල්ලීම් ලැබී ඇති බව ඔහු සඳහන් කරනවා.
පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව සමීක්ෂණයක් කිරීම සඳහා කණ්ඩායම් 200ක් පමණ පත් කර ඇති අතර ඔවුන් සිසු සිසුවියන්ගේ අදහස් සමීක්ෂණය කරනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

