ගුවන් මගීන්ට මත්පැන් දීම නැවත්වීමට තීරණය කරයි

කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් විසින් ගුවන් ගමන්වලදී මගීන්ට මත්පැන් හා වෙනත් පාන වර්ග පිළිගැන්වීම නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙසේ පාන වර්ග ගුවන් මගීන්ට පිළිගැන්වීම නතර කිරීමට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු ස්පර්ශ කළ මතුපිටක එම වෛරසය රැඳී පැවතිය හැකි බැවින් පාන වර්ග යොදන කෝප්ප,ඇසුරුම් මෙන්ම එම පාන වර්ග පානය කිරීම සඳහා භාවිත කරන ස්ට්‍රෝ වැනි මාධ්‍යයන් හරහාද කොරෝනා වෛරසය පැතිර යාමට ඉඩ පැවතීම නිසා බව ගුවන් සේවා සමාගම් පවසනවා.

මේ අනුව ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සේවය එරට තුළ ගුවන් ගමන්වලදී සිය ගුවන් යානාවල මගීන්ට පානයක් වශයෙන් පිළිගන්වනුයේ බෝතල් කළ ජලය පමණක් වන අතර වර්ජින් ඇට්ලන්ටික්, වර්ජින් ඕස්ට්‍රේලියා, කේ.එල් එම්, බ්‍රිතාන්‍ය ගුවන් සේවය හා ඊසි ජෙට් යන ගුවන් සේවාවන්ද මත්පැන් ගුවන් මගීන්ට පිළිගැන්වීම මේ වන විට නතර කර තිබෙනවා.