කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට යෑමට නොහැකිව මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් 43 දෙනෙකු අද (22) උදෑසන සිය රට බලා පිටත්ව ගොස් තිබේ.
ශ්රී ලංකාවේ රැකියා සඳහා පැමිණ සිටි පිරිසක් සහ මෙරට සංචාරක කටයුතු සඳහා පැමිණ සිටි අය ඒ අතර සිටි බව අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු පැවසීය.
මෙම පිරිස රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් අද උදෑසන 9.23 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත් වී තිබේ.

