බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් ඇත.
ගතවූ දිනයේදී වැඩිම ගෝලීය දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වුණේ ද බ්‍රසීලයෙනි.
ඒ අනුව ඊයේ වාර්තා වූ මරණ 1,221 ත් සමඟින් බ්‍රසීලයේ සමස්ත මරණ 49,090 ක් තෙක් තවදුරටත් ඉහළ ගියේය.
ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ 87 ඉක්මවා තිබේ.
වසංගතයෙන් වාර්තා වී ඇති සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව 462,000කට අධිකයි.

