යාපනය, කකරතීව් දුපතේ සිදු කල විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
අළුයම අන්තර් ජාතික මුහුදු සීමාවේදී විදේශීය යාත්‍රාවක් මගින් මෙරට යාත්‍රාවක් වෙත මත් ද්‍රව්‍ය තොගයක් හුවමාරු කළ බවට ලද තොරතුරක් මත කකරතීව් දූපතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි ඩිංගි යාත්‍රාවක සඟවා තිබු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 58කට ආසන්න තොගයක් හා සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

