දකුණු පළාතේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් රාජකාරියෙන් ඉවත් වෙයි

දකුණු පළාතේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට රාජකාරියෙන් ඉවත්ව තිබේ.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල සහ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය රෝහලේ හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට දහවල් 12 දක්වා එලෙස රාජකාරිවලින් ඉවත්ව ඇති බවයි.

අතිකාල ලබා නොදීමට විරෝධය පලකරමින් ඔවුන් එලෙස රාජකාරිවලින් ඉවත්ව තිබේ. දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසුවේ අතිකාල සහ නිවාඩු දින දීමනා ලබා නොදීමේ ගැටලුවක් මත ඔවුන් රාජකාරියෙන් ඉවත්ව ඇති බවයි.

කෙසේ වෙතත් අප්‍රේල් මාසයට අදාළ අතිකාල හා නිවාඩු දින දීමනා ජූනි මස වැටුපට ලබාදෙන බව ද දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ මාර්තු මත අතිකාල හා නිවාඩු දින දීමනා මැයි මස වැටුපට ලබාදුන් බවයි.