මහමැතිවරණය අගෝස්තු 05 පැවැත්වීමට නියමිතයි

මහමැතිවරණය එළඹෙන අගෝස්තු 05 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට ටික වේලාවකට පෙර සඳහන් කළා.

අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බවත් මැතිවරණ කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කළා.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදීයී.