ගල්කිස්ස වෙරළ තීරයට කැළිකසළ ගොඩගැසුණේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු පාර්ශ්ව කිහිපයක සහාය ඇතිව විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පරිසර හා ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබේ.
වැඩබලන පොලිස්පතිවරයා ගල්කිස්ස වෙරළ තීරයේ අද නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.
ඉකුත් දින කිහිපයේ මෙන්ම අදත් ගල්කිස්ස වෙරළ තීරයට කසළ ගසාගෙනවිත් තිබුණි.
පොලිස් පරිසර ඒකකය කසළ ඉවත් කිරීම් සිදුකළ අතර ඊට ප්‍රදේශවාසීන්ගේ සහාය ද හිමි විය.
මේ අතර ගල්කිස්ස වෙරළ තීරය වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ පරිසර කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්වැල්ල යන මහත්වරුන්ගේ නිරීක්ෂණයට ලක් විය.
ධීවර සංගම් නියෝජිතයන්ද මෙම ස්ථානය නිරීක්ෂණය කළේය.
මේ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ගාමිණී හේවගේ මහතා පවසන්නේ කිසියම් පිරිසක් මුහුදට කසළ බැහැර කර ඇතැයි සැක මතුවන බවයි.
කෙසේවෙතත්, පරිසර කටයුතු පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්වැල්ල මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සාගර විශ්ව විද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක සහාය ඇතිව මේ සම්බන්ධව නිසි විමර්ශනයක් සිදුකරන බවයි.
අද දෙරණ

