ඉන්දියාවේ සිට දෙදෙනෙක් මෙරටට රැගෙන ඒමට උපකාර කළ 5ක් අත්අඩංගුවට

කොවිඩි 19 අවධානම පවතින අවස්ථාවක නීති විරෝධි ආකාරයෙන් බෝට්ටු මගින් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිටි පියෙකු හා දියණියක මෙරටට රැගෙන ඒම වෙනුවෙන් උපකාර කළ පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ(05) පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේය

1990 වර්ෂයේ මෙරට සිට ඉන්දියාවට ගිය පුද්ගලයෙකු පසුගියදා ඉන්දියාවේ සරණාගත කඳවුරක සිටි මන්නාරම පණ්ඩිවිරිච්චාන් ප්‍රෙද්ශයේ සිය මුල් පදිංචි නිවස වෙත පැමිණ තිබුණේ සිය දියණිය සමඟයි.

පොලිසිය පැවසූවේ ඉන්දියාවේ පවතින කොඩිව් 19 රෝගය පැතිරීම හමුවේ අදාළ පුද්ගලයා තලෙයිමන්නාරම හරහා බෝට්ටු මගින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙරටට ඇතුළුවි ඇති බවයි.

ඉන්දියාවේ සිට පැමිණි පියා හා දියණිය මන්නාරම මහේස්ත්‍රත් අධිකරණ නියෝග මත පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ. 

අද දෙරණ