තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් 19 ආසාදිතයන් 13 දෙදෙනකු හඳුනාගැනිමත් සමග මේ වන විට වාර්තා වන මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගියේය.
ඊයේ හඳුනාගත් ආසාදිතයන් 13 දෙනා අතුරින් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්.
ඉතිරි දෙදෙනා කුවේට් සහ මලයාසියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි පුද්ගලයින්
මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතරින් සියයට 58.66 ක ප්‍රතිශතයක් මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 399 ක් බවයි.
ඒ අනුව සමස්ත ආසාදිතයන්ගෙන් සියයට 40.49 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන මුළු ආසාදිතයන් ප්‍රමාණයෙන් සියයට 0.85 ක් තරම් වූ සුළු ප්‍රතිශතයක් වීම විශේෂත්වයක්.
මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතර වැඩිම පිරිසක් හමු වූයේ නාවික හමුදා නියැදියෙන්.
ජා-ඇල සුදුවැල්ල ප්‍රෙද්ශයේ ආසාදිතයන් හඳුනාගැනීමේ නිරත වූ නාවික හමුදා භට පිරිසකට කොවිඩ් 19 වෛරසය වැළඳීමෙන් පසුව පළමු නාවික හමුදා ආසාදිත සෙබළා හඳුනාගැනුණු ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට දින 31 ක කාලය තුළ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 607 ක්.
ඒ අතරින් මේ වන විට සුවය ලැබූ සමස්ත නාවික සෙබළුන් සංඛ්‍යාව 283 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද තවත් නාවික හමුදා සාමාජිකයින් 33 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.

