තාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම නැවත අද (21) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.
කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසුව රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීමත් සමඟ මෙම ක්රියාවලිය නැවත ආරම්භ වනු ඇත.

