කොරෝනා ආසාදිතයින් ගණන 925ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 925 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර අවසන් වරට වාර්තා වු ආසාදිතයා වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි කළ සෙබලෙකු ඇසුරු කළ පුද්ගලයෙකු බව හඳුනා ගෙන ඇත.

එමෙන්ම වෛරසය ආසාදනය වී සිට සුවය ලැබු 63 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටව ගියේය.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව‍ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 471 ක් වේ.