රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට

මීගමුව – හලාවත මාර්ගයේ ඇල පාර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔහු රාජකාරිය නිම වී විවේකය වාර්තා කිරීමට ඊයේ රාත්‍රියේ සිය යතුරුපැදියෙන් මීගමුව පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි. වර්ෂාව හේතුවෙන් යතුරුපැදිය මාර්ගයේ ලිස්සා ගොස් අසළ නිවසක තාප්පයක ගැටී බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 33 හැවිරිදි වරාවැව – ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි මීගමුව පොලිස් කොට්ඨාශ රථවාහන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙක්.