කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික රැකියාවල යෙදෙන සේවකයින්ව රජය විසින් උපරිම අයුරින් රැකබලා ගන්නා බවට සහතික කරන බව එරට රේගු, ප්‍රජා ආරක්ෂාව සහ බහු සංස්කෘතික කටයුතු පිලිබඳ සහකාර අමාත්‍ය ජේසන් වුඩ් ප්‍රකාශ කර සිටිනවා.
SBS හින්දි පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එරටට පැමිණ සිටින කිසිදු විදෙස් සිසු සිසුවියන්ගේ දෙමව්පියන්ට සිය දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙසයි.

