ලංකාවේ තුන්වන කොරෝනා ‍මරණයත් වාර්තා වෙයි

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අයි.ඩී.එච්. රෝහලේ දී ඊයේ(01) රාත්‍රීයේ දී එම පුද්ගලයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 73 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

එම පුද්ගලයා හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගනු ලැබුවේ ද ඊයේ දිනයේ යි.

රෝගී තත්ත්වය වසන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.