ජීවිත ගණනක් බිලිගත්තු මාරාන්තික “කොරෝනා” මේ වෙද්දී ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම සිය ආධිපත්‍යය පතුරන්න අරන්.වෛරසයේ ආගමනයත් එක්ක හුඟක් දෙනෙක් නොදැන හිටපු “Lockdown” කියලා වචනයකුත් පහුගිය දවස්වල නිතරම ඇහෙන්න ගත්තා.
ඇත්තටම රටක් Lockdown කරනවා කියන එකේ තේරුම “මුළු රටම අඟුළු දැමීම” කියලා හඳුන්වන්න පුළුවන්. සරලවම කිව්වොත් “නිවාස අඩස්සියේ තැබීමක්” වගේ තමයි.ලෝකයේ බොහෝ රටවල්වල මේ වෙද්දි Lockdown එක ක්‍රියාත්මක වෙනවා. වෛරසය මඬින්න නම් අමාරුවෙන් හරි මේ කාලය වැය කරන්න වෙන බවයි බලධාරින් කියන්නේ.කොහොම නමුත් Lockdown එකේදී හුදකලා වෙන පුද්ගලයින්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා කියන එක කරන්න අමාරුම විදිහේ දෙයක්. (ලංකාවේ අපිට කියලත් වෙනසක් නැහැ.) ඒ මොකද… මාසයක් දෙකක් එකතැනකට කොටු වුණාට පස්සේ කොණ්ඩේ වැවෙන එක, නියපොතු වැවෙන එක.. ඊට අමතරව “සැලුන්” එහෙමත් නැති එකේ ගැහැණු උදවියත් ලොකු අමාරුවක වැටෙනවා.
මේ කියන්න යන්නෙත් ඒ විදිහේ කතාවක්. ඩේලි මේල් වෙබ් අඩවිය ලොව පුරා හුදකලා වුණු පිරිසකගේ ඡායාරූප ගොන්නක් එකතු කරලා අපූරු ලිපියක් සම්පාදනය කරලා තිබුණා.ඉන්ස්ට්ග්‍රෑම් ඇතුළු සමාජ ගිණුම්වල “කොරෝනා නියපොතු” ආදි යෙදුම් යොදමින්, කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් විසින් පළ කරපු විවිධ අන්දමේ ඡායාරූප මීට ඇතුළත්.ටිකක් වෙනස් විදිහේ කතාවක් නිසා අපිත් ඔබට ඒ පින්තූර එකතුව බලන්න දෙන්න හිතුවා. ඡායාරූප බලනකොට ඔබටත් තේරෙයි කොවිඩ් 19 අපිව දාපු අමාරුවක තරම. සමහරක් අය නම් කොණ්ඩේ කපාගන්න ගිහිල්ලත් වැඩේ සවුත්තු කරගෙන.
ඒ ඡායාරූප සියල්ල පහතින් බලන්න ඔබටත් පුළුවන්….









