මුලින්ම කියන්න ඕනි සෑහෙන්න කාලෙකින් තමයි article එකක් ලියන්න ගත්තේ. සමාවෙන්න ඕනි පරක්කු උනාට, අද කතා කරන්න යන්නේ අපේ කෙල්ලන්ට නිතරම වගේ වෙන අකරතැබ්බයක් ගැන. අපි ඉතින් ලව් කරන්න පටන්ගන්නෙම මේක නම් සිරා කරනවා බදින්නම කරන්නේ මේක කියල හිතාගෙනනේ. අන්න එහෙම හිතාගෙන ලව් කරන කොල්ලොත් වෙනස් වෙනවා මේ අපේ කෙල්ලෝ කරන සමහර දේවල් එක්ක. අද කතා කරන්න යන්නේ අන්න ඒ වගේ දේවල් ටිකක් ගැන. දැන් ලව් එක කැඩෙන්න ඕන තරම් හේතු තියෙනවනේ. ලව් එකක් කැඩෙන එකට හේතුව කොල්ලා හරි කෙල්ල හරි දෙන්නගෙන්ම වැරැද්දක් හෝ වැරදි ගොඩක් වෙන්න පුලුවන්නේ. හැබැයි මං කියන්න යන්නේ නම් ඇයි කොල්ලා කෙල්ලව දාලා යන්නේ ඇයි කියල.
රියල් ලව් එකක් තියෙන කොල්ලෙක් වුනත් ඉවසගෙන ඉඳලා ඉඳලා අන්තිමට කෙල්ලව දවසක දාලා යන්න පුලුවන්. එතකොට ඉතින් කෙල්ල කෙලින්ම කොල්ලට තමයි බනින්නේ.. එයාගේ වැරදි තේරෙන්නේ නෑ නේ. එහෙනම් අපි කතාවට බහිමු.
කෙල්ලන්ගේ තියන ලොකුම මිස්ටේක් එක තමයි කොල්ලව ඕනෑවට වඩා සැක කරන යනවා. ගොඩක් වෙලාවට කොල්ලා ගැන වැඩි මෙව්වා එකක් නැති කෙල්ලෝ තමයි මේ වැරැද්ද කරන්නේ. හේතුවක් නැතුවත් තමන්ගේ කොල්ලව සැක කරන එකත් එක්ක සිද්ධ වෙන්නේ කෙල්ල නැති දේවල් හිතින් මවා ගෙන කොල්ලට බනිනවා.ඒ අහිංසකයා සමහර වේලට උඩ බිම බලනවා මේ ගෑනී මොනාද කියවන්නේ කියල. ඊට පස්සේ වලි දාගන්නවා. වලි දාගත්තට පස්සෙත් එත් ඉවසගෙන අනේ ඕනි දෙයක් කියාගනින් කියලා කොල්ලා කරබාගෙන හිටියොත් , එකත් දක්කින්නේ වැරදියට. කෙල්ල හිතනවා ඊට පස්සේ මූ කටවහන් ඉන්නේ මොකක් හරි දෙයක් තියන නිසා කියල. ලොල්
අර අහිංසකයා ඉතින් හැමදාම මෙහෙම වෙන්න ගත්තම ඕනි එකක් කර ගනින් කියලා කෙල්ලව දාලා යනවා. පස්සේ ඉතින් දාලා ගිහාමත් කොල්ලට බනිනවා මෙච්චර කරපු මාව දාලා ගියා කියල. අන්තිමට මේකි කරෙත් රණ්ඩු කරපු එක විතරයි ඉතීම්.
අනිත් එක තමයි කෙල්ල හිතන්න යනවා මං කියන විදියට කොල්ලව තියා ගන්න ඕනි කියලා.
ඔන්න දුවේ උබ වරද්ද ගත්ත තැන. සමහර කොන්දපන නැති උන් නම් එහෙම ඉන්නවා නැත්තේම නෑ. මගේ යාළුවෙකුත් ඉන්නවා. කෙල්ල ඌට පස්ස පැත්ත හෝදන්න කිව්වත් කරන සයිස් එකේ ඉන්නේ. හික්ස් එව්වා වැඩක් නෑ . ඉතින් කෙල්ලනේ කවදාවත් හිතන්න එපා කොල්ලා ඔයා කියන විදියටම නටයි කියල. මොකද ගොඩක් කොල්ලෝ කැමති නිදහසේ ඉන්න. මෙහෙමයි කෙල්ලට පට්ටම ආදරෙයි කියල කෙල්ල කියන හැමදේම කරනවා කියල හිතන්න එපා. ඕනෑවට වඩා නීති දාන්න යනවා කියන්නේ කොල්ලට ඔයාව පොඩ්ඩ පොඩ්ඩ එපා වෙනවා.
සමහර කෙල්ලෝ කොල්ලව පාලනය කරන්න කියලා ඇඬීම්, වැළපීම්, තර්ජන, ගර්ජන, මයින්ඩ් ට්‍රික්ස්, ඉමෝෂනල් බ්ලැක්මේල් ඔය වගේ දේවල් කරල කොල්ලව පාලනය කරන්න ට්‍රයි කරනවා. මේ වගේ කෙල්ලෙක් එක්ක පවුල් කන කොල්ලෙක්ට තමන්ගේ පවුලේ මිනිස්සු ගැනවත් බලන්න වෙන්නෙ නෑ නේ ඒකනේ ඇත්තම කතාව. අඩුම තරමේ යාළුවෙක් එක්ක අඩියක්වත් ගහන්න නිදහසක් නෑ. එකෙන් කොල්ලව තවත් හිරවෙනවා කියන්නේ කෙල්ලේ වඩේ බරපතලයි. අන්තිමට වෙන්නේ උහුලන්න බැරි තැන කොල්ලා යනවා තමන්ගෙ නිදහස හොයාගෙන. එතකොට ඔයාට හුළං තමයි ඔං !
මේක ගොඩක් කෙල්ලෝ වරද්ද ගන්න තැනක්
තමන්ගේ යාළුවන්ව තමන්ගේ කොල්ලට වඩා ලොකු කර ගන්න යනවා. කොල්ල මැසේජ් එකක් දැම්මත් අනිත් උන් එක්ක උකුළු මුකුළු කර කර ඉන්නවා. කොල්ලට රිප්ලයි කරන්න යන්නේ නෑ. ඒ කියන්නේ තමන්ගේ කොල්ලට වඩා පිට උන් ලොකු කරගැනීම. කොල්ලට ඔයාව එපා වෙන්න ලොකුම හේතුවක් තමයි ඒක. සමහර කෙල්ලෝ නම් ඉතින් කොල්ලෙක් ඉද්දිත් වෙන උන් එක්ක හුරතල් වෙන්න යනවා. ඒක ඉතින් කෙල්ලගේ වරදනේ. කොල්ලව වැඩිය ගණන් ගන්නේ නැතුව බල්ලට දානවා කියන්නේ තමන්ගේ කොල්ලා අනිවාරෙන්ම ඔයා එක්ක වැඩිකල් ඉන්නේ නෑ . උන් එක්කම ඉදපන් කියලා යනවා යන්න.
සමහර කෙල්ලෝ ඉන්නවා පරණ ලව් එක ගැන හිතනවා කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉද්දිත්. ඔන්න එකෙත් කෙලවගන්න දගලන මුලික හේතුවක්. කොල්ලෙක් ඉද්දිත් තවත් පරණ කොල්ලා ගැන කියවනවා නම් එයා පව්, ඒකයි මේකයි කියල. තියන ලව් එකත් කෙළවෙන පොටක් තමයි ඒක. මං නම් කියන්නේ දාපු කක්කි ආයේ කන්න එපා එහෙම උනොත් බඩේ අමාරුව තමයි. පරණ affair එක ඉවර උන නිසා නේ අලුත් එකක් පටන් ගත්තේ. ඒක නිසා පාඩුවේ අලුත් කොල්ලා එක්ක සතුටින් ඉන්න බලන්න. පරණ මගුල් කියවනවා කියන්නේ සැරින් සැරේට , අලුත් එකාටත් ඔයාව එපා වෙනවා කියන එක.
ඔන්න ඔය ප්‍රධාන කරුණු ටික හොදට පිළිපැද්දොත් ඔයාට ඔයාගේ කොල්ලා එක්ක හැමදාම සතුටින් ඉන්න පුළුවන්. මිනිස්සු හැමෝම අතින් වැරදි වෙනවා ඒ කියල හැමදාම එකම වරද කරන්න ගියොත් කොල්ලට ඔයාව එපා වෙන එක අහන්න දෙයක් නෙවෙයි ( ඒක ඉතිං දෙගොල්ලොන්ටම පොදුයි )
මං කියන්නේ නෑ කොල්ලෝ ඔක්කොම අහිංසකයි කියල නමුත් කෙල්ලෝ අතින් වෙන වැරදි නිසා තමයි කොල්ලෝ ගොඩක් එයාලව දාලා යන්නේ.
එහෙනම් අදට මං නවතිනවා. අහ් තව දෙයක්. ගෙදරට වෙලා ඉදපල්ලා මේ දවස්වල , පස්ස උඩ දාගෙන එහෙට මෙහෙට යන්නේ නැතුව. පරිස්සම් වියල්ලා.
ලෝක වාසි හැමෝටම ඉක්මන් සුව පතන ගමන් මං නවතිනවා. පරිස්සමෙන් හැමෝම බුදු සරණයි !
ධනුජය රත්නායක

