කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 86 දක්වා ඉහළට

මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 86දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(23) උදෑසන අද දෙරණ සමග ප්‍රකාශ කළේ කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව් දෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට හදුනාගෙන ඇති බවයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු අයි.ඩි.එච්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.