මුඛ ආවරණ හාස්‍යයට ලක් කර අන්තර්ජාලය කලැබූ සෙට් එක

කොරෝනා අර්බුදය මැද මුඛආවරණවලට සිදු වූ දේ.. කොරෝනා වෛරසය ලොව පුරා රටවල් ගණනක සිය ආධිපත්‍යය පතුරවමින් සිටියදී, එයින් ආරක්ෂා වීම සඳහා “මුඛ ආවරණ පැළඳීම” (මාස්ක්) සුලබව දකින්නට ලැබෙනවා. ලොව පුරා පිරිස් මෙසේ “මුඛ ආවරණ පැළඳීම” නිසාවෙන්ම “මුඛ ආවරණ” වෙළඳපළේ හිඟවීමක් ද දක්නට ලැබුණා. කෙසේ වෙතත්, මෙවන් අර්බුදකාරී තත්ත්වයක් තුළ “මුඛ ආවරණ” හාස්‍යයට ලක් කරන පිරිසකගේ ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. කොරෝනා” හෙවත් “කොවිඩ් 19” වෛරසය හේතුවෙන් ලොව පුරා මරණ ගණන ඉහළ යමින් ඇති අවස්ථාවක, මෙම පිරිස් ඔවුන්ගේ මුහුණූ ආවරණය කිරීම සඳහා කොමඩු, ඉඟුරු, ප්ලාස්ටික් මෙන්ම තවත් අය සලාද කොළවලින් සාදන ලද වෙස්මුහුණු ද යොදාගෙන තිබෙනවා. ඔවුන් මෙසේ “විහිළුකරුවන්” ලෙස සැරසී සෞඛ්‍ය අර්බුදය හාස්‍යයට ලක් කරන බවයි ඇතමුන් පෙන්වා දෙන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ මෙවන් ඡායාරූප රාශියක් හුවමාරු වෙමින් පවතින අතර ඒ සඳහා පුද්ගලයින් විවිධ ප්‍රතිචාර දක්වනු ලබනවා. එමෙන්ම ඇතැම් පිරිසක් මෙය “හාස්‍යජනක” දෙයක් ලෙස භාවිතා කළ ද සැබැවින්ම “මුඛ ආවරණ” හිඟයක් පැවතීම නිසා කුඩා දරුවන්, වැඩිහිටියන් ආදිය ද ප්ලාස්ටික් බෝතල් ආදිය යොදා ගනිමින්, නිර්මාණත්මක උපකරණ භාවිතා කරන ආකාරයක් ද දක්නට ලැබෙනවා. මේ අතර, චීනයේ ජනයා මුඛ ආවරණ (මාස්ක්) තම්බා වියළිම සඳහා එල්ලා තබන (නැවත භාවිතයට ගැනීම සඳහා) අයුරු දැක්වෙන වීඩියෝ පටවලින් පසුව, ඒවා නැවත වරක් භාවිතා නොකරන ලෙස චීන සෞඛ්‍ය බලධාරින් ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.