කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (17) දින රාත්රියේ සිට සැමන් සහ පරිප්පු මිල අඩු කර තිබේ.
ඒත් සමඟ වතුකරයේ ජනතාව සහන මිලට එම භාණ්ඩ ලබා ගැනිම සඳහා අද (18) උදැසන සිට සතොස ශාඛාව වෙත පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.
හැටන් ප්රදේශයේ සතොස ශාඛාව මඟින් රු 65 ට පරිප්පු කිලෝවක් සහ රු 100 ට සැමන් ටින් එකක් ලබා දිම සිදු කිරීම හේතුවෙන් එම ශාඛාවලින් පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක් ද ලබා දී ඇත.
හැටන් ප්රදේශයේ පෞද්ගලික වෙළඳුන් කියා සිටින්නේ තමන් සැමන් ටින් එකක් රු 225 වැනි තොග මිලකට ලබා ගත් බවත්, පරිප්පු කිලෝවක්ද පාලන මිලට වඩා වැඩි මිලටකට ලබා ගත් බවයි.
රජයේ පාලන මිලට සැමන් සහ පරිප්පු ලබාදුන්න හොත් තමන්ට ඒ තුළින් විශාල පාඩුවක් සිදු වන බව පෞද්ගලික වෙළඳුන් පවසයි.
නව මිලට සැමන් සහ පරිප්පු තොග වශයෙන් ලබා දෙන්නේ නම් එම සහනය පාරිභෝගිකයන් ලබාදිය හැකි බවද වෙළඳුන් කියා සිටියි.

