කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ පියවර අතර ජංගම සහ ස්ථාවර දුරකථන නිරන්තරයෙන් විෂබීජහරණය කර පිරිසුදුව තබා ගැනීම ද අතිශය වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරනවා. ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන නිරන්තරයෙන්ම විෂබීජ නාශක යොදා හෝ “කොලොන් ජාතියක්” භාවිතයෙන් පිරිසුදු කිරීමට කටයුතු කළ යුතු වෙනවා. ඒ ඔබේ ආරක්ෂා පිණිස. අපි අපිම පරිස්සම් වෙන්න ඕනි නේ.
ජංගම දුරකථන නම් බොහෝ විට තමන් පමණයි පාවිච්චි කරන්නේ. නමුත් ඇතැම් අවස්ථාවල අපි වෙනත් අයටත් ඒවා පාවිච්චි කරන්න දෙනවා නේ. ඒ තුළින් විසබීජ එන්න ඉඩ තියනවා. අනික විවිධ දේ අතපත ගෑමෙන් අනතුරුවයි මේ දුරකථන පාවිච්චි කරන්නේ. භාවිතයේදී ඒවා අපේ නාසය, මුඛ අසලට ළංකර ගන්නවා. ඒ මගින් වෛරසය ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවේම පරිස්සම් වෙන්න
ධනුජය රත්නායක

