රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 12ක්

පොම්පෙමඩු, පූනානි, කන්දකාඩු, පනිච්චන්කර්නි, මයියන්කුලම් හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, බොරවැව, ගල්කන්ද, කහගොල්ල, දියතලාව යුද හමුදා රෝහල සහ දියතලාව ගැමුණු හේවා බලකා කඳවුරේ එම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ. එම මධ්‍යස්ථානවල වර්ගීකරණය කරන ලද පුද්ගලයන් 1723 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර විදේශිකයන් 8 දෙනෙකුද එහි සිටින බවයි යුද හමුදාව සඳහන් කළේ.

එමෙන්ම සියලු පහසුකම්වලින් යුත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් දම්මින්න සහ රන්ටැඹේ ප්‍රදේශවලද ස්ථාපිත කර තිබෙනවා.