යුරෝපා රටවල් 26කට අමෙරිකාව තහනම්

‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති ඩොනල්ඩ් යුරෝපා රටවල් 26කට පැනවූ සංචාරක තහනම අද දිනයේ සිට බලාත්මකයි.

කෙසේ වෙතත් එක්සත් රාජධානියට අයර්ලන්තයට සහ නැවත පැමිණෙන අමෙරිකානු පුරවැසියන්ට මෙම තහනම බලපැවැත්වෙන්නේ නැහැ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා හෙට දිනයේ සිට පිලිපීනයේ මැනිලා අගනුවර හුදෙකලා කරන බව පිලිපීන ජනාධිපතිවරයා මීටපෙර නිවේදනය කළේය.

ඒ අනුව ගොඩබිමින්, ගුවිනින හා මුහුදු මාර්ගයෙන් පිලිපීනයේ මැනිලා නුවරට ඇතුළුවීම තහනම් වනු ඇති.

එම සංචාරක සීමාවන් ක්‍රියාත්මක වීම ට  පෙර ජනතාව නගරය හැරයමින් සිටින අයුරුයි මේ.

කොරෝනා වෛරසයට එරෙහි සටනට සහය වෙමින් ෆේස්බුක් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 20ක් මුදල් පරිත්‍යාග කරන බව  ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් නිවේදනය කර ඇත.

මේ අතර අමෙරිකාවට පරීක්ෂණ කට්ටල 500,000 ක් සහ මුව ආවරණය මිලියනයක පරිත්‍යාගයක් සිදුකරන බව  ආසියාවේ ධනවත්ම මිනිසා ලෙසසැලකෙන ජැක්  මා  ඊයේ දිනයේ නිවේදනය කළේය.