O/L ලියන්න හිටපු සිසුවිය ගෙදරට ඇවිත් දූෂණය කළ ටියුෂන් ගුරා

උපකාරක පන්ති ගුරුවරයෙක් එම පන්තියට ආ ශිෂ්‍යාවක් දූෂණය කිරීමේ සිද්ධියක් මත වැලිගම මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරනවා. වින්දිත දැරිය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි කාලය තුළ මෙම උපකාරක පන්තියේ ගුරුවරයාගෙන් විෂයයක් ඉගෙනීමට ටියුෂන් පන්තියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ ගුරුවරයා දැරියගේ නිවෙසට පැමිණ ‍දොර අරින ලෙස පවසා ඇති අතර එලෙස ‍ෙදාර ඇරීමට නොහැකි බව ඇය පවසා ඇති අතර ඉන්පසු ඔහු දැරියට තර්ජනය කර නිවෙස තුළට පැමිණ මෙම අපරාධය කර ඇති බව වින්දිත දැරියගේ පාර්ශ්වය වැලිගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරෙන අතර වින්දිත දැරිය රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.