කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීමත් සමග මෙසේ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.