විදේශ ජාතිකයන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් උණවටුන ප්‍රදේශයේදී ඇතිව තිබෙනවා. ඉන් තුවාල ලැබු එක් පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවයි හබරාදුව පොලිසිය කියා සිටින්නේ. මෙලෙස ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත්තේ, එංගලන්ත සහ ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු අතරයි. තරුණියක සමග ඇති කරගෙන තිබු ප්‍රේම සබඳතාවයක් හේතුවෙන් මෙම දබරය සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ. අදාළ තරුණිය, ප්‍රථමයෙන් එංගලන්ත ජාතික තරුණයා සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර එය බිඳවැටීමෙන් අනතුරුව ඉතාලි ජාතිකයා සමඟ ප්‍රේම සබඳතාවයක් ගොඩනගා ගෙන තිබෙනවා.
අදාළ සිද්ධිය හේතුවෙන් එංගලන්ත ජාතිකයා විසින් අනෙක් පුද්ගලයා හට පහරදී තිබෙනවා. පහර දීම සම්බන්ධයෙන් එංගලන්ත ජාතිකයා හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

