හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට විදේශගත වීමට පනවා තිබූ තහනම තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළා. ඒ, අනුව ඔහුට අපේ‍්‍රල් මස 26 දා සිට මැයි මස 12 දක්වා කාලය තුළ ඕස්ටේ්රලියාවේ සංචාරය කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා අද අවසර ලබා දුන්නා.

