සුළඟක් වී මං එනවා දුර අහසේ පියඹන්නට,
මෙම ගීතය ගායනා කළ පුංචි සුරංගනාවිය අමතක කෙනෙක් නැති තරම්ය.
ගායනා කළ පළමු ගීතයෙන්ම ජනාදරයට පත්‍ර වූ නතාෂා පෙරේරා අද ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. අලුත් ගීතයක නිර්මාණ කටයුතු කිරීම වෙනුවෙන් ලංකාවට පැමිණ සිටින අතරතුරේ දී අපි ඇය මුණගැසුණේ අපේ ලස්සන පිටුවක් සරසන්න. ලස්සන තොරතුරු ටිකක් දැන ගන්න.
කොහොමද නාතාෂා?
හොඳින් ඉන්නවා. මේ වන විට මම ඕස්ට්‍රේලියාවේ නීතිය සම්බන්ධ වෘත්තියක නියැළෙනවා. ඒ අතර ගායනා කටයුතුත් සිදු වෙනවා. ලෝකේ කොහේ හිටියත් ලංකාවට ආවම ලොකු සැනසීමක් දැනෙනවා. ඇත්තටම ගීත කටයුතු අවසන් වුණ ගමන්ම නැවත ඕස්ට්‍රේලියාවට යනවා.
තව ලස්සන වෙලා?
බොහොම ස්තූතියි. අගය කිරීමට. මම හිතන්නේ අපි අධ්‍යාත්මිකව සතුටින්, කාටවත් වචනයකින්වත් හානියක් නොකර ජීවත් වෙනවා නම් අපි ඉබේම ලස්සන වෙනවා කියලා. බාහිරව ඔබ දකින මාගේ සුන්දරත්වය එය විය හැකියි. මේ හැරෙන්න හම සුදු වෙන්න කියලාවත්, සම පැහැපත් වෙන්න කියලාවත් මම මොකුත් කරලා නෑ. මාව දකින ගොඩක් අය එහෙම මගෙන් අහනවා. නමුත් අපි අපේ ගැන හිතනවා නම් අපි ඉබේම ලස්සන වෙනවා. ඒ වගේම ඝෘණාත්මක සිතුවිලි වලින් ඈත් වෙනවා කියන්නේත් අපි ඉබේම ලස්සන වෙන්න බලපාන දෙයක්.
ලංකාවේ ඉපදුණ ඔබ ඕස්ට්‍රේලියාව වගේ රටක ජීවත් වෙද්දි ඒ මිනිසුන්ගේ අධ්‍යාත්මය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද?
ඒ රටේ සංස්කාතිය අනුවයි ඒ මිනිසුන් හැඩ ගැසී තිබෙන්නේ. නමුත් ඔවුන්ගේ ජීවිත වලින් ගන්න බොහෝ දේ තියෙනවා.
ඒ මිනිසුන් සතුටින් නිදහසේ හිනා වෙලා ඉන්න එකේ රහස තමයි. අනිත් අයගේ දේවල් සොයා නොයන එක. ඒ වගේ ඔවුන් අවශ්‍ය අවස්ථාවල දී මිනිසුන්ට හරියට උදව් කරනවා. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අධ්‍යාත්මිකව කාටවත් වෛර කරනා තරහ වෙන, රණ්ඩු වෙන දේවල් දකින්නත් නැති තරම්.
කාන්තාවන්ගේ සුන්දරත්වය ආරක්ෂා කර ගන්න පහසුවෙන්ම කරන්න පුළුවන් දේවල් මොනවා ද?
පළමු දේ තමයි අපි අපේ ගැන හිතන්න පුංචි වෙලාවක් වෙන් කර ගැනීම.
කාන්තාවන් බොහෝ දෙනෙක් නගන චෝදනාවක් තමයි අපිට අපේ ගැන හිතන්න වෙලාවක් නැහැ කියලා.?
එහෙම හිතුවොත් ඔක්කොම ඉවරයි. මොකද මම විශ්වාස කරනවා. පවුලේ කොඳු නාරටිය තමයි මව. නිවසේ බිරිඳ, මව, පිළිවෙළට පිරිසිදුව ඉන්නවා කියන්නේ ඒක මුළු පවුලටම ආශිර්වාදයක්.
අනිත් කාරණය තමයි පුංචි කාලේදිම දරුවන්ට නියපොතු පිළිවෙළට කපලා කොණ්ඩෙ ලස්සනට පීරලා. හම පිරිසිදු තියා ගන්න, දෛයිනිකව පිළිවෙළට පිරිසිදුව ඉන්න පුරුදු කළොත්, ලොකු වෙලා ලස්සන වෙන්න කියලාවත් පිළිවෙළට ඉන්න ඕනේ කියලාවත් අමුතුවෙන් හුරුකරන්න අවශ්‍යය වෙන්නෑ.
කාන්තාවකට සුන්දරත්වය වැදගත් කියා ඔබ විශ්වාස කරනවා ද?
ඔව්. කාන්තාව ශ්රියාවකට උපමා කරලානේ ශ්‍රියා කාන්තාව කියා නම හැදිලා තියෙන්නේ. ඒ නිසා බාහිර පෙනුම වගේම අධ්‍යාත්මික පෙනුම කාන්තාවකට ආභරණයක්.
ඔබ ලස්සන වෙලා ඉපදිලා තියෙන්නේ?
මම බෞද්ධ කෙනෙක් විදිහට තරයේම විශ්වාස කරන දෙයක් තමයි කර්මය සහ කර්ම ඵලය. මම ගිය ආත්මේ කරපු කුසල් බලපාන්න ඇති.
ඔබේ සුන්දරත්වය ආරක්ෂා කර ගන්න මොකද කරන්නේ.?
රාජකාරි කටයුතුත් එක්ක කාර්ය බහුල නිසා ව්‍යායෑම් කරන්න වෙලාවක් හොයා ගන්න බෑ. නමුත් කෑම බීම වලින්නම් ගොඩක් සැලකිලිමත්. නිවසේදී සෞක්‍යය මා අතින්ම සකස් කළ ආහාර පාන තමයි ගැනෙන්නේ. කෑම පාලනය කරන දිනවලට රාත්‍රියට සුළු ආහාරයක් ගන්නේ. දහවල් අහාරයට බත් හැන්දක් එක්ක එළවළු තමයි වැඩිපුර කන්නේ. වෙලාවක් ලැබුණාම එළවළු සලාදයක් විදිහට පිළියෙළ කරලත් ගන්නවා.
පළතුරු වලින් මම හරිම ආසයි. දොඩම්, අඹ වගේ පළතුරුවලට. විටමින් සී බහුල පළතුරු වලට මම ගොඩක් ආසයි. මොකද විටමින් C වලින් හම ලස්සන වෙනවානේ.
මුහුණේ කුරුළෑ වගේ එනවා නම් කහ කෑල්ලක් උරච්චි කරලා මුහුණේ ගාලා විනාඩි 15 ක් 20 ඉඳලා සීතල වතුරෙන් සෝදා හරිනවා. එම ප්‍රතිකාරයට කුරුළෑ එන එක ටිකක් පාලනය වෙනවා.
හිස කෙස්වල පෝෂණයට සතියකට වරක් වගේ ඔලිව් තෙල් දාලා මසාජ් කරලා පැය 2 ක් විතර ඉඳලා හෝදලා හරිනවා.
විලාසිතා කිරීමේ දී ඔබ සැලකිලිමත්ද?
ඔව්. ලංකාවට වඩා මම ඔස්ට්‍රේලියාවේදී විලාසිතා කරන්න හුරු වුණා. කොහොමත් ඉදි කට්ටයි නූල් බොලෙයි වගේ තමයි ශරීරයට ගැළපෙන විදියට විලාසිතා කරනවා කියන්නේ. කැපී පෙනෙන්න කියලා හිතලාවත්. කවුරුත් කරන පළියටවත් මම විලාසිතා කවදාවත් කරලා නෑ.
ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?
ලෝකයේ ගොඩක් ලස්සන කාන්තාවන් ඉන්නවා. මගේ ඇස් දෙකෙනුත් ලස්සන අය ගොඩක් දැකලා තියෙනවා. ඒත් මගේ ජීවිතේ ලස්සන කරපු මේ ලෝකේ මං දැකපු ලස්සනම කෙනා මගේ අම්මී.
ලස්සන කියන්නේ මොකක් කියලා ද ඔබට හිතෙන්නේ?
ලස්සන කියන්නේ ආශිර්වාදයක් කියලා හිතෙනවා කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මූණ බැලුවාම. ඒත් කවදාවත් ලස්සන කියන්නේ ආඩම්බර විය යුතු දෙයක් වත්, ඔළුව ඉඳිමවා ගන්න ඕන දෙයක්වත් නොවේ. රූපය කියන්නේ නිතර වෙනස් වෙන දෙයක්.
අසුන්තා එදිරිසූරිය


