අධිකරණ නියෝග උල්ලංඝනය කළේයැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනා හෙට (02) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
කුරුදුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියට පමුණුවනු ලැබුවේය.
මෙම සිද්ධියට සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළේය.
අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළ අතර ඇප ඉල්ලීම හෙට දින සිදුකරන ලෙස විත්තියේ නීතිඥ වරුන්ට දැනුම් දුන්නේය.
රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු ද ඇතුළත් වුණි.
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉකුත් බ්‍රහස්පතින්දා සිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිත ශිෂ්‍යයන් පිරිසක් අට්ටාලයක් ඉදි කරගෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත ව සිටි අතර ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි.

