ඔයාගේ ලව් එකත් පටන් ගත්ත ගමන් හබක් ද ? මෙන්න ලව් එක ගොඩ දාගන්න උපදෙස් ටිකක්

සමහර කපල්ස් ඉන්නවා ඉස්කෝලේ කාලේ පටන් ගත්තු පළවෙනි ආදරේ කොච්චර භාදක කම්කටලු ආවත් පට්ට ගේමක් ගහල කොහොම හරි කසාදේ කරලම පස්ස බලන අය. එහෙම ඉන්නේ ඉතින් 2%ක් වගේ නේ.කොහොම උනත් දීර්ඝ කාලීන ආදර සම්බන්ධතා පවත්වාගෙන යන අය ඕනෑ තරම් අපිට හම්බෙනවානේ. හැබැයි ගොඩක් වෙලාවට අපිට අපි අවට දකින්න ලැබෙන්නේ බොහොම ෂෝට් ටර්ම්, ඒ කිව්වේ කෙටි කාලීන සම්බන්ධතා තමයි. ආයි දෙන්නට දෙන්නා මැරුණත් දාලා යන්නෙ නෑ කියලා ගිවිසගෙන ලව් එක පටන් ගත්තට ඇත්තටම සමහර වෙලාවට මාසෙන් දෙකෙන් ලව් එක හබක් වෙනවා. ඇත්තටම මෙහෙම වෙන්නෙ ඇයි? මේකට මොකක් ද විසදුම. ඔන්න එහෙනම් අපි කතාවට බහිමු.

ආදරේ කියන්නේ සමහර වෙලාවට දැක්ක ගමන් ඇතිවෙන දෙයක් තමයි. අපි හැමෝටම හැගීම් දැනීම් තියනවා නේ. හැබැයි අපිට ඇත්තටම දීර්ඝ කාලීන ආදර කතාවකට යන්න ඕන නම් එහෙම සරලව ආදරේ පටන් ගන්න එකේ පොඩි කේස් එකක් තියනවා. දැක්ක ගමන් ඇතිවෙන ආදරේ දිග දුර යන සීන් තියෙන්න පුලුවන්. හැබැයි ඒවා අහඹු අවස්ථා කිව්වොත් මන් හිතන්නේ මන් හරි. දැක්ක ගමන් කතා කරලා සෙට් වෙන එව්වත් හරියන්නේ නැතුව එහෙම නෙවෙයි එව්වත් ගොඩ යනවා , ලක් එක තමයි ඒක ඉතීම් (ඒක ඉතීම් අත් දැකීමෙන් කිව්වේ ඕන්). ආදරේ කරන්න පටන් ගන්න ඕන තමන්ට අනාගතේටත් ගැලපෙන කෙනෙක් එක්ක. ඒ කියන්නේ විශ්වාසය තියන්න පුලුවන්, තමන් එක්ක එක ගමනක් යන්න පුලුවන් කෙනෙක් එක්ක. එහෙම පටන් ගැන්ම හරියට කර ගත්තොත් වැඩේ ගොඩේ ගොඩ.

කතා බහ කරන්න ඕනි..

මතකයිනේ ලව් එකක් පටන් ගත්තු කාලේ කොහොමද කියලා? මල් කඩනවා, කඩනවා, කඩනවා ඉවරයක් නෑ. හැබැයි ඔය මල් කඩන සීන් එක කාලෙත් එක්ක නැතිවෙලා යන්න පටන් ගන්නවා. අන්න ඒක දිගටම තියාගන්න ඕන. ඒ කියන්නේ මල් කඩන එකම නෙවෙයි. හැබැයි කතා කරන්න ඕන දෙන්නත් එක්ක පුලු පුලුවන් හැම වෙලාවට. විශේෂයෙන්ම තමන්ට දැනෙන දේවල් දෙන්නට දෙන්නා කියන්න ඕන කෙලිම කියනවා නම් , දෙන්නම පට්ට ඕපන් වෙන්න ඕනි දෙන්නගේ අතරේ. හිතන්නකෝ – දැන් දෙන්නගෙන් එක්කනෙක් මොන හරි අනිත් කෙනා අකමැති දෙයක් කරා කියල, අන්න ඒ දේ , අනිත් කෙනාට කියන්න ඕනි මන් කැමති නෑ ඒ දේට. එයා අකමැති දේවල් කරද්දී ඔයා ඒ ගැන කතා නොකර දුක් විවී ඉන්නවා නම් ඒ ලව් එකට කෙල වෙනවා සත්තයි. දෙන්නට දෙන්න හැම වෙලේම කතා බහ කර ගන්න මං ඔය දේවල් වලට කැමති ද නැද්ද එහෙම කරන්න ද , අන්න ඒ වගේ.. මන් පොඩි උදාහරණයක් දුන්නේ ඉතීම්.

ලොකු සීන් දෙන්න යන්න එපා ලව් කරද්දී ..

මෙන්න මේක ඉතාම වැදගත් දෙයක්. ඒ කියන්නේ මම ඔයාට ගොඩක් ආදරේ කරනවා, හැම වෙලේම ඔයාගේ එක්කනාට ආදරේ දෙන්න. දුකෙන් ඉන්න වෙලාවට පොඩ්ඩක් හුරතල් කරලා පොඩි සීන් එකක් දෙන්න ඕනි තේරෙනවා නේ ඉතීම් කියන දේ. එයා දුකෙන් හරි තරහෙන් හරි ඉන්න වෙලාවට ඔයත් කෙලගන්න හැදුවොත් අන්න ඒ වේලාවේම ලව් එක හබක්. ඒක නිසා ඒ වේලාවට ඔයත් ලොකු සීන් දීලා ගණන් ගන්නේ නැතුව ඉන්න එපා. එයා දුකෙන් නම් ඉන්නේ ඔයා එයත් එක්ක දුක බෙදාගන්න. අනික එයා ආදරේ කියනකන්ම ඉන්න එපා sms එකක් දාල. “උම්මා” එකක් එහෙම යවලා හැම වෙලාවේම ඔයා එයත් එක්ක ඉන්නවා කියලා එයට දැනෙන්න අරින්න. එත කොට ඔයාගේ ආදරේටත් වඩා අනිත් පැත්තෙන් ඔයාට හම්බෙයි.

ප්‍රශ්ණ වලදී ..

ප්‍රශ්න කියන්නේ අමුතු දෙයක් නෙවෙයිනේ ජීවිතේට. ප්‍රශ්න නැති ජීවිත හොයන්න නම් ඉතින් දිවියලොකෙට යන්න වෙනවනේ කියල කතාවකුත් තියෙන්නේ, (අනේ මං දන්නෙත් නෑ අපේ ආච්චි තමයි කියන්නේ). ඉතින් ලව් එකකදීත් ලොවෙත් ප්‍රශ්න එනවා. හැබැයි එහෙම ප්‍රශ්න ආවා කියලා දෙන්නත් එක්කම ගේම ඉල්ලගත්තොත් නම් කවදාවත් ඒ සම්බන්ධතාවයට දිග දුර ගෙනියන්න බෑ. අන්න ඒ නිසා ප්‍රශ්නයක් ආපු වෙලාවට තමන් එක ටීම් එකක් විදියට වැඩ කරන හැටි ඉගෙන ගන්න වෙනවා ඉතීම්. ඒ කියන්නේ තමන් දෙන්නා එකට ඉඳලා ප්‍රශ්නයට විසඳුම් හොයන්න ඕන. ප්‍රශ්නේ මොකක් වුනත් දෙන්නට දෙන්නා එකට ඉන්නව කියන එක හැමවෙලේම දෙන්නට දෙන්න මතක තියාගන්න ඕනි.

හැමදේ ගැනම අත්දැකීම් තියාගන්න.

අපි ගොඩක් වෙලාවට ලව් කරන්න ඕන විදිය හරියටම දන්නවා කියලනේ හිතාගෙන ඉන්නේ කෙලින්ම කියනවා නම් අපි හිතන් ඉන්නේ අපි හෙන ලව් ඔස්තාර්ලා කියල. ලොල් . හැබැයි කොයි තරම් ලව් ඔස්තාර් කෙනෙක් වුනත් සමහර විට වරද්ද ගන්න පුලුවන්. සමහර වෙලාවට ආදරේට හානිවෙන විදියේ මොට්ට මෝල් වැඩ කරන්න පුලුවන්. සෙක්ස් සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. අන්න ඒක නිසා තමන් කොයි තරම් ලව් හරි සෙක්ස් හරි එක්ස්පර්ට් කෙනෙක් වුනාට කමක් නෑ. හැම වෙලාවේම ඉගෙනගන්න බැරි දෙයක් හරි දන්නේ නැති දෙයක් තියනවා නම්. එක්කෝ පොත් පත් කියවන්න පුලුවන්. දැන් කාලේ නම් ඉන්ටර්නෙට් එකේ මේ වගේ දේවල් ඕන තරම් තියෙනවා. වැදගත්ම දේ තමයි අලුත් අලුත් දේවල්, තමන් කරන මිස්ටේක් ගැන ඉගෙන ගෙන, ඒවා ජීවිතේට අත්දැකීමක් කර ගන්න එක. ඒ කියන්නේ කලිනුත් වරද්ද ගත්ත තැන මේ පාරත් වරද්ද ගන්න එපා කියන එක.

එහෙනම් අදට ඔච්චරයි. මන් හිතන්නේ මොනම හරි දෙයක් ඔයාගේ ජිවිතේට එකතු කරගන්න පුළුවන් වෙන්න ඇති. හැබැයි මේ කරුණු ටික පොඩ්ඩක් ස්ටඩි කරලා ඔයාගේ ලව් එක කරනවා නම් ඔයාගේ ජිවිතේ දැන් තියනවටත් වඩා ලස්සනවෙයි.

අපේ අම්මත් මේක කියල මගෙන් අහනවා කෙල්ලෙක් නැති මට හෙන ලව් ටෝක්ස් දෙනවා නේද කියල . එකට තමයි ඉතීම් කියන්නේ දෛවයේ සරදම් කියල . ලොල් xD

එහෙනම් පරිස්සමෙන් ඉදපල්ලා ! බුදු සරණයි !

ධනුජය රත්නායක