ගෝමරන්කඩවල පොලිස් වසමේ අධ්‍යාපන චාරිකාවක පැමිණි හාලිඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් හත්දෙනෙකු දියේ ගිලී ඇත.
පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අද (19) සවස 6.30 පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි.
එයින් තිදෙනෙකු බේරා ගෙන ගෝමරන්කඩවල රෝහලට ඇතුලත් කර ඇත.
අනෙක් ළමුන් සිව්දෙනා දියේ ගිලී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
ගෝමරන්කඩවල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

