රැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඉංග්‍රීසී ගුරු විභාගයේ ඩිප්ලෝමාධාරීන්

ඊයේ (19) HNDE රැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඌව පළාත් ආණ්ඩුකර කාර්යාලය ඉදිරිපිට ඩිප්ලෝමාධාරීන් පිරිසක් විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ඔවුගේ ගැටළුව වී තිබෙන්නේ ඉංග්‍රීසී ගුරු විභාගය ඉහලින්ම සමත්වී තිබුනත් ඔවුන්ට තවමත් රැකියා ලබා දී නොමැති වීමයි. එයට විසදුමක් ලෙස මොවුන් ඌව පළාත් ආණ්ඩුකර කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවී තිබෙනවා. කෙසේ නමුත් ඔවුන් පවසන ආකාරයට 2019 වසරේ පැවැත්වූ ඉංග්‍රීසී ගුරු විභාගයෙන් ඩිප්ලෝමාධාරීන් 180ක් සමත් වී තිබුනත් පත්වීම ලබා දෙනවා යැයි පවසා තිබෙන්නේ විසිදෙදෙනෙකුට පමණක් වීමටත් , ඔහුන්හට ඇති වූ අසාදාරනය හේතුවෙන් කඩිනමින් රැකියා ලබා දෙන ලෙස ඉල්ලා උපවාසයේ නියැලුණ බවයි.

ඉංග්‍රීසී ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය

සටහන
ධනුජය රත්නායක