දඩමස් ලෙස අලෙවි කිරීමට පුළුස්සමින් සිටි තලගොයි සමග සැකකරුවන් මාට්ටු වෙයි

රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී තලගොයන් මරා පුළුස්සමින් සිටි පුද්ගලයන් හයදෙනකු වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරා දමා තිබූ තලගොයන් අට දෙනකු ද එහිදී සොයා ගැනුණා.

නාඋල පුබ්බිලිය බඹරගහ වත්ත රක්ෂිතයේ දී ඊයේ (15) පස්වරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුබ්බිලිය, මාලගමුව, ගලේවෙල සහ මනන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.