කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර , කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද(14) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
මොවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් වූ අතර , ඉතිරි පිරිස ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අය වූහ.

