අවුරුදු 5 ක පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ 68 හැවිරිදි රියැදුරකු කහටගස්දිගිලිය පොලිසිය මගින් පෙරේදා 12 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය – අනුරාධපුර මාර්ගයේ පදිංචි 68 වියැති රියැදුරෙක් බවයි වාර්තාවන්නේ.මොහුගේ නිවස පිහිටා ඇත්තේත් අපයෝජනයට ලක්වූ දරුවාගේ නිවස ආසන්නයේවන අතර පසුගිය දිනක එම දරුවාගේ නිවසේ දානමය පිංකමක් පැවැත්වෙමින් තිබෙන අතරතුර දරුවා කිසියම් අවශ්‍යතාවක් සඳහා සැකකරුගේ නිවසට ගොස් තිබෙනවා.
ඒ මොහොතේ නිවසේ සිට ඇත්තේ සැකකරු පමණක්වන අතර එහිදී සැකකරු විසින් දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර තිබෙනවා. මේ පිළිබඳව දරුවාගේ මව කහටගස්දිගිලිය පොලිසියට පැමිණිළි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
සුමේධ කරුණාරත්න

