සංචාරක ප්‍රවර්ධනයට රටවල් 04ක් අවබෝධතා ගිවිසුම්වලට

සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 04ක් සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට යයි. චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව එම රටවල් 04යි.

මෙම රටවල් 04 සමග සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.