රැකියා නැති උපාධිධාරීන්ට ඉල්ලූම් පත් භාර ගැනීමේ දිනය දීර්ඝ වෙයි

රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරීමේ ඉල්ලූම් පත් භාර ගැනීම පෙබරවාරි 20 දක්වා දීර්ඝ කර තිබෙනවා. මීට පෙර එම කාල සීමාව පෙබරවාරි 14 වනදා දක්වායි සීමා කර තිබුණේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රැකියා අපේක්ෂකයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිලිගන්වනු ලබන උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගන්වනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර සම්පූර්ණ කර තිබිය යුතු බවයි. අයදුම්කරු, අයදුම්පත ඉදිරිපත් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුයි. එමෙන්ම, මේ වසරේ ජනවාරි 01 දිනට උපාධිය ලබා වසරට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාම නිලධාරි සහ ප්‍රාදේශීය ලේකම් විසින් සහිතක ද කළ යුතු වනවා. අදාළ අයදුම්පත් ජනාධිපති කාර්යාලයේ www.presidentsoffice.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, වැඩිදුර තොරතුරු 0112 433 261 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකියි. මෙම පිරිස් ග්‍රාමීය හා වතු පාසල්, ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාල, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වනජිවි කාර්යාල, දේශීය ආර්යුවේද රෝහල, ග්‍රාමීය රෝහල්, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම ගොවිපල, ව්‍යාපෘති සේවා මධ්‍යස්ථාන, තක්සේරු දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව යන සේවාවන්හි නියුක්ත කිරීමට නියමිතයි. වසරක පුහුණු කාලයක් තුළ රුපියල් 20,000 දිරි දීමනාවක් ගෙවනු ලබනවා. දිස්ත්‍රික් පදනමින් පත්වීම් සිදුකෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 5 ක් සේවය කිරීම අනිවාර්ය වනවා.