අඹු – සැමි මරණ සාහසික ඝාතනයක් බව හෙළිවෙයි

මෙසේ ඝාතනයට ලක්ව තිබුණේ මහරගම, නාවින්න, ශ්‍රී  දේවානන්ද පාරේ, අංක 5/1/ඒ හි පදිංචි වාද්දුවගේ ‍ෙදාන් මංජුල (40) හා ජයසිංහ ආරච්චිගේ සංජීවනී ප්‍රදීපිකා (39) නමැති අඹු සැමි යුවළක බව පොලිසිය කියයි. මහරගම නාවින්න, ශ්‍රී  දේවානන්ද පාරේ ව්‍යාපාරික ස්ථානයක උඩුමහලේ තිබී හමුවූ අඹු – සැමි යුවළගේ මරණයට හේතුව හිසට හා ගෙලට තියුණු ආයුධයකින් පහරදී සිදුකළ පුද්ගල ඝාතනයන් බවට, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.