හෙට මහරගම සහ බොරලැස්ගමුවට ජල කප්පාදුවක්

මහරගම සහ බොරලැස්ගමුව යන නගර සභා බල ප්‍රදේශවලට පැය 12 ක ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. හෙට (30 බ්‍රහස්පතින්දා පෙරවරු 08.00 සිට එදිනම රාත්‍රී 08.00 දක්වායි , ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ ලංකා විදුලි පුද්ගලික සමාගමේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.