ලොව විශාලතම යානය ගුවන්ගත වෙයි

බෝයිං සමාගම නිපදවූ, එන්ජින් දෙකක් සහිත ලොව විශාලතම ගුවන් යානයේ පළමු අත්හදා බැලීමේ ගුවන් ගමන සාර්ථකව නිම කර තිබේ.

බෝයිං 777X ලෙස නම් කර ඇති මෙම ජෙට් යානය අත්හදා බැලෙන්නේ බෝයිං 737 මැක්ස් යානා දෙකක් අනතුරට ලක් වීම නිසා පළුදු වූ සිය සමාගමේ ප්‍රතිරූපය යළි නගාසිටුවීමට උත්සහ කරමින් සිටියදී ය.

පුද්ගලයන් 346 දෙනෙකුට මරු කැඳවූ එම අනතුරු දෙක සිදුවීමෙන් පසු බෝයිං 737 මැක්ස් මාදිලියේ යානා සියල්ලම පියාසර කරවීම අත්හිටුවන ලදී.

බෝයිං සමාගමේ නවතම නිෂ්පාදනය වන බෝයිං 777X, ජනවාරි 26 දා එක්සත් ජනපදයේ සියැටල් නගරයට නුදුරු ස්ථානයක දී ගුවන්ගත කෙරුණු අතර එය පැය හතරක් පමණ පියාසර කෙරුණි.

පසුගිය සතියේ සිදුකිරීමට සුදානම් කර තිබූ මෙම අත්හදා බැලීම දෙවරක් ම කල් දැමීමට සිදු වූයේ ඒ අවස්ථාවේ තිබූ දැඩි සුළං සහිත කාලගුණය හේතුවෙනි.

යාන්ත්‍රික දුෂ්කරතා

මෙම අලුත්ම ගුවන් යානය ලබන වසරේ දී එමිරේට්ස් ගුවන් සමාගමේ සේවයට යෙදවීමට නියමිතය. නමුත් ඊට පෙර තවත් අත්හදා බැලීමේ පියාසරකරවීම් කිහිපයක් සිදු කළ යුතුව ඇත.

අඩි 252ක් දිගැති බෝයිං 777X යානය මෙම වසරේ දී මගී ප්‍රවාහනය සඳහා දියත් කිරීමට නියමිතව තිබූ නමුත් යාන්ත්‍රික දුෂ්කරතා කිහිපයක් මතු වූ හෙයින් එය පමා කිරීමට සිදු විය.

බෝයිං 777X යනු එම සමාගමේ සාර්ථක නිෂ්පාදනයක් වන බෝයිං 777 මාදිලියේ දිගුවක් වන අතර එය විශාලත්වයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ මාදිලියකි.

බෝයිං 777X ගුවන් යානය තුළ මගීන් 360කට පමණ ආසන පහසුකම් පවතී.

AFP
Image captionඑක් ගුවන් යානයක මිල ඩොලර් මිලියන 442කට අධිකය

මෙම යානයේ තටුවල අග කොටස නැමීමට හැකිවීම කැපී පෙනෙන විශේෂත්වයකි. එමෙන්ම, වාණිජ සේවා සඳහා යොදා ගන්නා ගුවන් යානා සඳහා තැනූ ලොව විශාලතම එන්ජිම මෙම යානාව සතු වීම ද තවත් විශේෂත්වයකි.

“සමාගමක් හැටියට අපට විශිෂ්ඨ දේවල් කළ හැකි බව මෙයින් නිරුපනය වෙනවා,” 777X වෙළඳ අංශයේ අධ්‍යක්ෂ වෙන්ඩි සෝවර්ස් පැවසීය.

බෝයිං සමාගම පවසන්නේ මෙම මාදිලියේ ගුවන් යානා 309ක ඇනවුම් සඳහා මේ වන විටත් තමන් වෙත මුදල් ගෙවා ඇති බවය. එක් ගුවන් යානයක මිල ඩොලර් මිලියන 442කට අධිකය.

අනතුරු දෙකක්

බෝයිං 737 මැක්ස් ගුවන් යානා දෙකක් අනතුරට පත්වීමෙන් පසු බෝයිං සමාගම අර්බුදයකට මුහුණ දුන්නේය. මෙම අනතුරු දෙකම සිදු වූයේ මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළතය.

පළමු අනතුර 2018 ඔක්තෝම්බර් මාසයේ ඉන්දුනීසියාවේදී සිදු වූ අතර 2019 මාර්තු මාසයේ දී දෙවන අනතුර සිදු වූයේ ඉතියෝපියාවේදීය.

මේ පිළිබඳව විමර්ශන කිහිපයක් ම දියත් කර තිබේ. බෝයිං 737 Max මාදිලිය ගුවන් සමාගම් වෙත ලබා දීම කඩිනම් කිරීම නිසා එහි ආරක්ෂාව අනතුරේ හෙලා ඇතැයි බෝයිං සමාගමට චෝදනා එල්ල විය.

එම මාදිලියේ යානා යළිත් භාවිත කිරීමට අවසර ලබා ගැනීම සඳහා බෝයිං සමාගම උත්සාහයක නිරත වෙයි.

මේ වන විට ගුවන්ගත කිරීම අත්හිටුවා ඇති බෝයිං 737 මැක්ස්, එම සමාගම සතු වූ ගුවන් යානා අතරින් වැඩිම ඉල්ලුමක් පැවති මාදිලියයි.

එකී අත්හිටුවීම හේතුවෙන් බෝයිං සමාගමට මේ වනවිට සිදු වී ඇති පාඩුව ඩොලර් බිලියන නමයකට අධිකය.

BBC

2 Replies to “ලොව විශාලතම යානය ගුවන්ගත වෙයි”

  1. Você também pode personalizar o monitoramento de determinados aplicativos, e ele começará imediatamente a capturar instantâneos da tela do telefone periodicamente.

  2. Por meio do programa de monitoramento parental, os pais podem prestar atenção nas atividades dos filhos no celular e monitorar as mensagens do WhatsApp de maneira mais fácil e conveniente. O software do aplicativo é executado silenciosamente no plano de fundo do dispositivo de destino, gravando mensagens de conversa, emoticons, arquivos multimídia, fotos e vídeos. Ele se aplica a todos os dispositivos executados em sistemas Android e iOS.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *