ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 03 ක් ඇතුළු උසස් පොලිස් නිළධාරීන් 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි අධිකාරීවරු දෙදෙනෙක්,සහකාර පොලිස් අධිකාරීවරු 6 දෙනෙක් සහ පොලිස් පරීක්ෂක වරු තුන්දෙනෙකුට ද මෙසේ ස්ථාන මාරු වීම් ලැබී ඇත

