ඕස්ට්‍රේලියා සවි එසවීමේ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකිකයා

නවසීලන්තයේ පැවති ප්‍රවීනයන්ගේ සවි එසවීමේ ඉසව්වෙන් රුවන් පෝල් රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් විය.

සවි එසවීමේ ක්‍රීඩාවට යොමුව මාස 6ක් වැනි කෙටි කාලයකදී රුවන් දිනාගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 9ක්.

වසර 20ක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන රුවන් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති ශක්ති තරගාවලියේදී සවි එසවීමේ ක්‍රීඩාවට යොමුවන අතර එම තරගාවලියෙන් රන් පදක්කම් දෙකක් දිනා ගත්තේය.

එතැන් පටන් ලොව පුරා පැවැත්වෙන සවි එසවීමේ තරගාවලි සඳහා යොමුවන රුවන් මෙම වසරේ පෙබරවාරි මාසයේදී නවසීලන්තයේ පැවැත්වු ප්‍රවීනයන්ගේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් විය.

එම තරගාවලියට  ෆීජි රාජ්‍ය,සමෝවා රාජ්‍ය,පැපුවා නිව්ගිනියාව වැනි රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටියේය.

ඇඩ්ලේඩ්හි පැවති ප්‍රවීනයන්ගේ සවි එසවීමේ තරගාවලියේ රන් පදක්කම් දෙකක් ද දිනාගත් රුවන් එහිදි ඕස්ට්‍රේලියා වාර්තාවක්ද පිහිටුවීමට සමත් වුණේ ඔස්ට්‍රේලියා සවි එසවීමේ කණ්ඩායම නියෝජනය කරන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමින්.

කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට පදක්කම් 9ක් හිමිකරදුන් රුවන් පෝල් මේ සියලු ජයග්‍රහණ ලබන්නේ කිසිඳු පුහුණුකරුවෙක්ගේ හෝ සහයෝගය ‍නොමැතිවයි.