උසස් පෙළට දින 5 යි – විදුලිය කැපීම නතර කරගන්න තවමත් බැරිවෙයි

මේ ගතවන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වී 5 වන දිනයයි. එහෙත් අද වන තුරුත් දරුවන්ට විභාගයට මුහුණදීමට සිදුව ඇත්තේ විදුලි කප්පාදුව මධ්‍යයේයි.

උසස්පෙළ විභාගය අවසන් වන තුරු විදුලිය කප්පාදු නොකිරීමට තීරණයක් ගෙන ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර මේ ගතවන්නේද තුන්වන දිනයයි. එහෙත් ඊයේ දිනයේද රටේ ප්‍රදේශ රැසක විදුලිය කපා දැමුණා.